Latest News

මහා සොරකමක් සිදු වූ ප්‍රංශයේ කෞතකුගාරයේ CCTV පද්ධතිය ගැන නවතම අනාවරණයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශයේ ලෝක ප්‍රකට ලූවර් කෞතුකාගාරයෙන් යුරෝ මිලියන 100 කට අධික (රුපියල් බිලියන 30 කට අධික) ඓතිහාසික මැණික් ආභරණ තොගයක් සොරකම් කිරීමට සොරුන් ඇතුළු වූ දෙවන මහලේ බැල්කනියක ආරක්ෂක කැමරා සවි කර නොතිබූ බව කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරිය ප්‍රංශ සෙනෙට් කමිටුවක් හමුවේ පවසා තිබෙනවා.

ලූවර් කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරිය වන ලෝරන්ස් ඩෙස් කාර්ස් (Laurence des Cars) ඊයේ (22) සෙනෙට් සභිකයින්ට පැවසුවේ, සොරුන් ඇන්ගල් ග්‍රයින්ඩරයක් (angle grinder) යොදාගෙන ඇතුළු වූ ‘ඇපලෝ ගැලරියේ’ (Apollo Gallery) නැගෙනහිර බැල්කනිය කෞතුකාගාරයේ පැරණි කැමරා පද්ධතියට ආවරණය නොවූ බවයි.

“අවාසනාවන්ත ලෙස, ඇපලෝ ගැලරි පැත්තේ සවි කර තිබූ එකම කැමරාව බටහිර දෙසට මුහුණලා ඇති අතර, එම නිසා සොරකම සිදුවූ බැල්කනිය ආවරණය නොවේ,” ඩෙස් කාර්ස් කමිටුව හමුවේ පවසා සිටියා,

දින හතරකට පසුත් විමර්ශකයින්ට සැකකරුවන් හඳුනා ගැනීමට නොහැකි වී ඇති අතර, සොරකම් කළ ආභරණ ඒවායේ අමුද්‍රව්‍ය සඳහා කඩා ඉවත් කරනු ඇති බවයි විශේෂඥයින් පවසන්නේ.

මෙහි ඇති ආභරණ නැපෝලියන් යුගය දක්වා දිවයන ඓතිහාසික කෞතුක වස්තු වෙනවා.

සොරුන් ට්‍රක් රථයක සවි කළ ඉණිමඟක් භාවිතා කරමින්, කෞතුකාගාරය විවෘතව තිබූ අවස්ථාවේ ඉතා පහසුවෙන් ගොඩනැගිල්ලට ඇතුළු වූ ආකාරය මුළු රටම කම්පනයට පත් කර ඇති අතර, නව උපක්‍රම යොදා ගන්නා අපරාධකරුවන්ට රටේ කෞතුකාගාරවල ඇති අවදානම පිළිබඳ ප්‍රශ්න මතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෞතුකාගාරයේ වටිනාම වස්තූන් අධීක්ෂණය කිරීම සඳහා පවතින “පුරණා තත්ත්වයේ හෝ නොපවතින තාක්ෂණික යටිතල පහසුකම්” “භයානක නිරීක්ෂණයක්” බව ඩෙස් කාර්ස් සෙනෙට් කමිටුවට පවසා සිටියා.

ඇය සොරකමෙන් පසු සංස්කෘතික අමාත්‍යවරිය වන රෂීඩා ඩටි (Rachida Dati) වෙත සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ නමුත් එය ප්‍රතික්ෂේප වූ බවයි වාර්තා වෙන්නේ.

සොරකම පසුගිය ඉරිදා (19) පෙරවරු 9:30 ට පමණ සිදුවූ අතර සොරුන් ජංගම ඉණිමඟක් සහිත ට්‍රක් රථයක් ගැලරියෙන් පිටත නවතා තිබුණා.

පෙරවරු 9:34 ට ඔවුන් දෙවන මහලේ දොරක අනතුරු ඇඟවීමේ සංඥාවක් (alarm) ක්‍රියාත්මක කර ඇති අතර, එය ආරක්ෂක කණුව වෙත සංඥාවක් යවා ඇති බවයි වාර්තා වෙන්නේ,.

ශ්‍රවණාගාරය තුළ සිටි ආරක්ෂක නිලධාරියෙක් ඇතුළුවීමක් (intrusion) වාර්තා කිරීමට රේඩියෝවෙන් දැනුම් දී ඇති අතර, කාර්ය මණ්ඩලය මහජනතාව ඉවත් කිරීමට පටන් ගෙන තිබෙනවා.

සොරුන් මැණික් අල්ලා ගැනීමට වීදුරුවලට සිදුරු කපන විට ඉහළ ආරක්‍ෂිත සංදර්ශක පෙට්ටි දෙකක අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී ඇති අතර පෙරවරු 9:36 ට පොලිසියට කතා කර තිබෙනවා.

මිනිත්තුවකට පසු, දොරවල් වසා දමන ලෙස ඉල්ලා පණිවිඩයක් විකාශනය කර ඇති අතර පෙරවරු 9:38 වන විට සොරුන් ගොඩනැගිලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

පිටත සිටි නිරීක්ෂණ කණ්ඩායම් සැකකරුවන්ට ඔවුන්ගේ ට්‍රක් රථයට ගිනි තබා වැළැක්වූ නමුත්, සයින් ගඟ අසබඩින් ස්කූටර් යොදාගෙන ඔවුන් පළා ගොස් තිබෙනවා.

විමර්ශකයින් DNA හෝඩුවාවන් සඳහා ට්‍රක් රථය පරීක්ෂා කර ඇති අතර, ස්කූටර් දෙකෙන් එකක් සහ එක් සැකකරුවෙකු පැළඳ සිටි හිස් ආවරණයක් (helmet) සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඩෙස් කාර්ස් පැවසුවේ ඇපලෝ ගැලරිය තුළ ඇති ආරක්ෂක පද්ධතිය “පරිපූර්ණව ක්‍රියා කළ” නමුත් එය “එකල තිබූ විශාලතම අවදානම් වලින් ආරක්ෂා වීමට” සැලසුම් කර ඇති බවයි.

නිදසුනක් වශයෙන්, මැණික් තබා තිබූ අධි ආරක්‍ෂිත සංදර්ශක පෙට්ටි බුලට්වලට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර තිබෙනවා.

අධ්‍යක්ෂවරිය යෝජනා කළේ, කෞතුකාගාරයේ පිටත දාර ශක්තිමත් කිරීම සහ අවට වාහන නැවැත්වීම තහනම් කිරීම වැනි ආරක්ෂාව වැඩි දියුණු කිරීමේ පියවර ගන්නා ලෙසයි.

කෞතුකාගාරය තුළ පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමට හැකි දැයි සලකා බලන බවයි ඇය පවසා සිටියේ.

ඩෙස් කාර්ස් මහත්මිය පවසා සිටියේ කෞතුකාගාරයේ දුර්වලතාවය “උපකරණ හා යටිතල පහසුකම් සඳහා නිදන්ගත අඩු ආයෝජනයක” ප්‍රතිඵලයක් ලෙස පරිමිතිය ආරක්ෂා කිරීමේ අඩුපාඩුකම් බවයි.

කෞතුකාගාරයේ අවසන් ප්‍රධාන ප්‍රතිසංස්කරණය සිදු කර ඇත්තේ 1980 ගණන්වල වෙන අතර එදා සිදු කළ නවීකරණ ව්‍යාපෘතිය අද වන විට වසර 40 ක් පැරණි බවත්, පහසුකම් “තම උපරිමයෙන් ක්‍රියාකර අවසන්” බවයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ.

World News

Send your contact Details Today