Latest News

චීනය විසින් සිරියාවේ සංක්‍රාන්ති රජයෙන් ඉල්ලීමක් කරයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ත්‍රස්තවාදයට එරෙහි වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙස චීනය විසින් සිරියාවේ සංක්‍රාන්ති රජයෙන් ඉල්ලා සිටිනවා.

සිරියානු ගැටළු සම්බන්ධයෙන් ඊයේ (22) පැවති ආරක්ෂක මණ්ඩල විවෘත සාකච්ඡාවකට එක් වෙමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව සඳහන් කළා.

සිරියාව කිසිදු රටකට තර්ජනයක් නොවන බව සිරියානු සංක්‍රාන්ති රජය නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම කැපවීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ත්‍රස්ත විරෝධී වගකීම් ඵලදායි ලෙස ඉටු කරන ලෙසත්, ඒ ඔස්සේ ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය දිනා ගන්නා ලෙසත් චීනය සිරියානු සංක්‍රාන්ති රජයෙන් ඉල්ලා සිටින බව චීන නියෝජිතයා මෙහිදී පැවසුවා.

සිරියානු ගැටළුව විසඳීම සඳහා මඟ පෙන්වනු ලබන ප්‍රධානතම දොරටුව වන්නේ ඉවසිලිවන්ත දේශපාලන ක්‍රියාවලියක් ප්‍රවර්ධනය කිරීමයි.

සිරියානු ජනතාවගේ මූලික අවශ්‍යතා මත පදනම් වූ උපදේශන සහ සන්නිවේදනය තුළින් සම්මුතියක් ගොඩනැගීම සඳහා චීනය සිරියානු සංක්‍රාන්ති රජයට සහාය දක්වන බව ද Fu Cong මහතා සඳහන් කළා.

එමෙන්ම සිරියාවට එරෙහි හමුදා මෙහෙයුම් නවතන ලෙසත්, වහාම සිරියානු භූමියෙන් ඉවත් වන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිනවා.

සිරියාවේ ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සංවර්ධනය කඩිනමින් සාක්ෂාත් කර ගැනීම සඳහා, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Fu Cong මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today