ජපානයේ වයස අවුරුදු 38ක් වූ තකුයා හිගාෂිමොටෝ නම් පුද්ගලයෙකු Demae-can නම් ආහාර බෙදාහැරීමේ මෘදුකාංගය භාවිතා කර වංචාවක් සිදු කිරීම නිසා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙම වංචාව හරහා මිලියන 3.7කට වැඩි අලාභයක් හානි සිදු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඔහු ව්‍යාජ ගිණුම් 124ක් භාවිතා කරමින් ඇණවුම් 1,095ක් ඉදිරිපත් කර ඇති අතර ඔහු විසින් එම ආහාර “ආහාරය නොලැබුණු” බව පොලිසියට සහ සමාගමට දන්වා ආපසු ගෙවීම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
පරීක්ෂණවලදී අනාවරණය වූයේ ඔහු ව්‍යාජ හැඳුනුම්පත් සහ පෙරගෙවීම් කාඩ්පත් භාවිතා කරමින් මෙම වංචාව සිදු කර ඇති බවයි.
කෙසේ වෙතත් මොහුට ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 24,000 ක දඩ මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙවැනි වංචා සිදු නොවීමට තම මෘදුකාංගය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව Demae-can සමාගම පවසනවා.