යුනෙස්කෝව විසින් ලැයිස්තුගත කර ඇති ටස්කන් නගරයේ ඓතිහාසික මධ්‍යස්ථානයේ වැඩ කිරීම තහනම් කරන නව අතුරු නීතියකට එරෙහිව සංචාරක රික්ෂෝ සහ ගොල්ෆ් කරත්ත ක්‍රියාකරුවන් විරෝධය පළකර තිබෙනවා.
මෙම නීති සංශෝධනය කර ලෙසයි සංචාරක රික්ෂෝ සහ ගොල්ෆ් කරත්ත ක්‍රියාකරුවන් අදාළ විරෝධතාවය හරහා ඉල්ලා ඇත්තේ.
ගොල්ෆ් බගී, රික්ෂෝ, ටුක්ටුක් සහ “වෙනත් අසාමාන්‍ය වාහන” වලට බලපාන පරිදි මෙම තහනම ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අතර එය පසුගිය බදාදා බලාත්මක කෙරුණා.
“මෑත වසරවලදී විවිධ වර්ගයේ වාහනවල ව්‍යාප්තියක්” දැක ඇති ෆ්ලෝරන්ස් හි සංචාරක ප්‍රවාහන අංශය නියාමනය කිරීමේ උත්සාහයක් ලෙස මෙම සීමා කිරීම සිදු කර ඇති අතර පියසා ෆෙරුචි සහ පියසා විටෝරියෝ වෙනෙටෝ හි පිකප් සහ ඩ්‍රොප්-ඕෆ් ස්ථාන සහිතව නම් කරන ලද මාර්ග දෙකක උපරිම විදුලි වාහන 24 ක් ක්‍රියාත්මක කිරීමට ඉඩ දී තිබෙනවා.
නාගරික පොලිසියට නව නීති උල්ලංඝනය කරන වාහනයක් අත්අඩංගුවට ගත හැකි අතර, බලපත්‍රයක් ඇති නමුත් නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වන අයගේ බලපත්‍රය අවලංගු කර යුරෝ 500 ක දඩයක් ලබා දෙනු ඇති.