Latest News

ධම්මික පෙරේරාගෙන් සුපිරි වෙළඳසැල් ජාලයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාගමක් වන ධම්මික පෙරේරාට අයත් හේලීස් පීඑල්සී (Hayleys PLC) සමාගම, මහා පරිමාණ සුපිරි වෙළඳසැල් (supermarket) ක්ෂේත්‍රයට පිවිසීමට සැලසුම් කර ඇති බව නිවේදනය කරනවා.

මෙම නව ව්‍යාපාරික පියවර යටතේ, ප්‍රධාන නාගරික සහ උප නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් වෙළඳසැල් 100ක ජාලයක් ආරම්භ කිරීමට එම සමූහ ව්‍යාපාරය අදහස් කරනවා.

වසර 148ක ඉතිහාසයක් ඇති හේලීස් සමාගමේ විවිධාංගීකරණ උපායමාර්ගයේ නවතම පියවරක් ලෙසයි මෙය සැලකෙන්නේ.

දේශීය පාරිභෝගිකයින් වෙත ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ විශිෂ්ට සේවාවක් සමීප කරවමින්, නවීන සිල්ලර වෙළඳ අත්දැකීමක් නිර්වචනය කිරීම මෙහි මූලික අරමුණ බව එම සමාගම පවසනවා.

දියුණු වෙමින් පවතින සාර්ව ආර්ථික තත්ත්වයන්, ඉහළ යන නාගරීකරණය සහ වෙනස් වන පාරිභෝගික ජීවන රටාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳ ක්ෂේත්‍රය තුළ විශාල වර්ධන විභවයක් පවතින බව හේලීස් සමාගම හඳුනාගෙන තිබෙනවා.

කලාපයේ අඩුම අගයක් වන 17%ක ඇස්තමේන්තුගත නවීන වෙළඳ ව්‍යාප්තියක් (modern trade penetration) ශ්‍රී ලංකාවේ පැවතීමද මෙම තීරණයට බලපා තිබෙනවා.

සිය සමූහ ව්‍යාපාරය සතු සැපයුම් (logistics), නිෂ්පාදන සහ සේවා විශිෂ්ටත්වය මෙන්ම සවිමත් සන්නාම ශක්තිය මෙම නව ව්‍යාපාරය සඳහා උපයෝගී කර ගැනීමට නියමිතයි.

මෙමඟින් සමාගමේ ආදායම් මාර්ග තවදුරටත් විවිධාංගීකරණය වනු ඇති අතර, එය දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වයට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ධම්මික පෙරේරා මහතාගේ පාලනය යටතේ පවතින හේලීස් සමූහයේ මෙම නව ප්‍රවේශය, දැනටමත් වෙළඳපොලේ ස්ථාපිතව ඇති කාගිල්ස් ෆුඩ් සිටි, කීල්ස් සුපර්,ග්ලොමාර්ක්, ආර්පිකෝ සුපර් සෙන්ටර් සහ ස්පාර් වැනි ජාලයන් වෙත සෘජු අභියෝගයක් වනු ඇති.

පාරිභෝගික කල්පවත්නා භාණ්ඩ අලෙවි කරන සිංගර් ශ්‍රී ලංකා සමාගම සහ මෑතකදී කොටස් අත්පත් කරගත් හරිස්චන්ද්‍ර මිල්ස් සමාගමද හේලීස් සමූහය යටතේ පවතී. ලාෆ්ස් සුපර්ජාලය ඇතුළත් ලාෆ්ස් සමාගමේ කොටස්ද පසුගියදා ධම්මික මිලට ගත්තා.

World News

Send your contact Details Today