Latest News

රුසියාවේ විශේෂ දෙයකට ට්‍රම්ප් දැවැන්ත සම්බාධක පනවයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවෙන් රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙෆ්ට් (Rosneft) සහ ලූකොයිල් (Lukoil) ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පනවා තිබෙනවා.

මෙය මොස්කව් නුවරට යුක්‍රේනයේ සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට බලපෑම් කිරීමේ අරමුණින් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නව සම්බාධක පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, මෙම සම්බාධක මගින් සාම ක්‍රියාවලියේ ඉදිරි පිම්මක් ලබා ගැනීමට උපකාරී වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

“මේවා දැවැන්ත සම්බාධක. රුසියාවේ විශාල තෙල් සමාගම් දෙකට එරෙහිව පනවා ඇති මේවා ඉතා වැදගත් වන අතර, යුද්ධය සමථයකට පත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වන නිසා මේවා වැඩි කලක් පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නේ නැහැ,” යනුවෙනුයි ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා සිටින්නේ.

World News

Send your contact Details Today