Latest News

ඩොලර් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අරාබි මුහුදෙන් මතුවෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අරාබි මුහුද හරහා යාත්‍රා කරන ලද යාත්‍රා දෙකකින් ඩොලර් බිලියනයකට ආසන්න මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ සමුද්‍රීය හමුදාවේ (CMF) කොටසක් ලෙස ක්‍රියාත්මක වන පකිස්ථාන නාවික හමුදාව විසින් මෙහෙයුමේ පළමු වැටලීම පසුගිය 18වනදා සිදුකර තිබෙනවා.

එහි එක් යාත්‍රාවක ටොන් 2කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තිබී ඇති අතර, එම තොගයේ වටිනාකම ඩොලර් මිලියන 822කට අධික බවට ඇස්තමේන්තුකර තිබෙන අතර පසුව දෙදිනකට පසු අනෙක් යාත්‍රාව අල්ලාගැනීමටයි පාකිස්තාන නාවික හමුදාවට හැකිව තිබෙනවා.

එහි ඩොලර් මිලියන 140කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350ක් මෙන්ම ඩොලර් මිලියනයක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 50ක් තිබී සොයාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පාකිස්තාන නාවික හමුදාව අරාබි මුහුදේ සිදුකළ මෙම මෙහෙයුම් ද්විත්වයෙන් ඩොලර් මිලියන 972කට (ඩොලර් බිලියනයකට ආසන්න) වඩා වටිනා මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

එමෙන්ම එම යාත්‍රා කවර රටකට අයත්ද යන්න පිළිබඳ ඔවුන් තොරතුරු හෙළිකර නැහැ.

World News

Send your contact Details Today