Latest News

ඉතාලියේ දරු උපත්වල පහළ යාමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 දී ඉතාලියේ උපත ලැබූ ළදරුවන් සංඛ්‍යාව නව අවම මට්ටමකට පහත වැටී තිබෙනවා.

ඒ අනුව උපත් 369,944 ක් ලියාපදිංචි වී ඇති අතර එය පෙර වසරට වඩා 2.6% ක පහත වැටීමක් බවයි වාර්තා වන්නේ.

ප්‍රකාශ කර ඇති දත්ත වලට අනුව, 2025 ජනවාරි සහ ජූලි අතර උපත් 13,000 ක් අඩු වී ඇති අතර එය 2024 දී සමාන කාල පරිච්ඡේදයට වඩා 6.3% ක පහත වැටීමක් බව ජාතික සංඛ්‍යාලේඛන ඒජන්සිය තවදුරටත් පැවසුවා.

2024 දී ඉතාලියේ සරු භාවය අනුපාතය නව වාර්තාගත අවම මට්ටමකට පහත වැටුණු බවත්, ඒ අනුව කාන්තාවකට ලැබෙන සාමාන්‍ය දරුවන් සංඛ්‍යාව 1ක් බවයි වාර්තා වන්නේ.

2008 සිට ඉතාලියේ උපත් පහත වැටීමේ ප්‍රවණතාවක් පවතින අතර, එහිදී ළදරුවන් 576,000 ක් උපත ලබා තිබෙනවා.

ඉතාලියේ දරු ප්‍රසූතියේ යෙදෙන කාන්තාවකගේ සාමාන්‍ය වයස 2024 දී අවුරුදු 32.6 ක් වූ අතර එය 2023 දී අවුරුදු 32.5 ක් වුණා.

ප්‍රථම වරට දරු ප්‍රසූතියේ යෙදෙන කාන්තාවකගේ සාමාන්‍ය වයස අවුරුදු 31.9 ක් වූ අතර එය 2023 දී 31.7 ක් සහ 1995 දී 28.1 ක් අතර පැවතුණු බව සඳහන්.

World News

Send your contact Details Today