Latest News

චීන අපරාධ කල්ලි විසින් අමෙරිකානුවන් ගොනාට අන්දයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ව්‍යාජ කෙටි පණි­වුඩ, ව්‍යාජ රජයේ ගාස්තු, සොර­කම් කරනු ලැබූ හැඳු­නු­ම්පත් භාවි­ත­යෙන් සහ ලොව පුරා අන්ත­ර්ජාල ගෙවීම් තාක්ෂ­ණය තුළින් මහා පරිමාණයේ මූල්‍ය වංචා­වක් සිදු කර­මින් චීන අප­රාධ කණ්ඩා­යම් පසු­ගිය වසර 3ක් ඇතු­ළත ඩොලර් බිලි­ය­න­ය­කට වැඩි මුද­ලක් උප­යා­ගෙන තිබෙන බව එරට අභ්‍යන්තර ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කළ බව බ්‍රිතා­න්‍යයේ ඉන්ඩි­පෙ­න්ඩන්ට් පුවත් සේවය වාර්තා කරනවා.

රජයේ ගාස්තු හෝ දඩ මුදල් ගෙවීම් සම්බ­න්ධව නිර­න්ත­ර­යෙන්ම අන­තුරු ඇඟ­වීමේ කෙටි පණි­වුඩ ලැබෙන අමෙ­රි­කානු ජාති­ක­යන් නිරී­ක්ෂ­ණය කර ඔවුන්ගෙන් එම මුදල් ලබා­ගැ­නීම සඳහා අමෙ­රි­කාව පුරා විවිධ පළා­ත්වල එම ජාවා­රම චීනයේ සිට ක්‍රියා­ත්මක කර ඇති බවට හෙළි වී තිබෙන බවයි එම පුවත් සේවය පවසන්නේ.

එම මෙහෙ­යුම ක්‍රියා­ත්මක කිරීම සඳහා විවිධ පළා­ත්වල තැරැ­ව්ක­රු­වන් රඳවා තබා ඇති බවත්, දුර­ක­තන අංක දහ­ස­කට එක­වර කෙටි පණි­වුඩ යැවිය හැකි ආකා­රයේ තාක්ෂ­ණික ක්‍රම­වේ­ද­යක් ඔවුන් භාවිත කර ඇති බවත් අමෙ­රි­කාවේ අභ්‍ය­න්තර ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන භාර නියෝ­ජිත ඇඩම් පාර්ක්ස් ප්‍රකාශ කළ බව ඉන්ඩි­පෙ­න්ඩන්ට් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළා.

සැක කට­යුතු කෙටි පණි­වු­ඩ­ව­ලින් ප්‍රවේ­ශම් වන ලෙස අභ්‍ය­න්තර ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ විසින් දැන­ට­මත් ෆ්ලොරිඩා, ටෙක්සාස්, කොලො­රාඩෝ, කැලි­ෆෝ­නියා ඇතුළු ප්‍රාන්ත රැසක ජන­තා­වට උප­දෙස් ලබා දී තිබෙන බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today