Latest News

යුක්‍රේන යුද අර්බු­දය ගැන රුසියාවෙන් කියන කතාව

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන යුද අර්බු­ද­යට විස­ඳුම් සෙවීම සඳහා රුසි­යානු සහ අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­වරු අතර හංගේ­රි­යාවේ පැවැ­ත්වී­මට නිය­මිත සාක­ච්ඡා­වේදී ප්‍රග­ති­යක් අත්කර ගැනී­මට හැකි­වනු ඇතැයි රුසි­යාවේ ජනා­ධි­පති කාර්යා­ලයේ ප්‍රකා­ශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කළ බව එරට ටාස් පුවත් සේවය වාර්තා කරනවා.

යුක්‍රේන අර්බු­දය විස­ඳී­මට අවශ්‍ය කරන යම්කිසි ප්‍රවේ­ශ­යක් මේ සාක­ච්ඡා­වෙන් ලබා ගැනීම රුසි­යාවේ අර­මුණ බවත්, අන­තු­රුව එහි ප්‍රග­තිය භාවිත කර­මින් යුක්‍රේන සමඟ ද්විපා­ර්ශ්වික සාකච්ඡා ආරම්භ කිරී­මට හැකි­වනු ඇතැයි පුටින්ගේ ප්‍රකා­ශ­ක­ව­රයා විශ්වා­සය පළ කළ බවයි එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ.

හංගේ­රි­යාවේ බුඩා­පේස්ට් අග­නු­වර දී පැවැ­ත්වී­මට නිය­මිත ව්ලැදි­මිර් පුටින් – ඩොනල්ඩ් ට්‍රම්ප් සමු­ළුව සඳහා මෙතෙක් නිශ්චිත දින­යක් තීර­ණය වී නොමැති අතර, එය කඩි­න­මින් සිදු­වනු ඇති බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today