පාකිස්තාන පිරිමි එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ෂහීන් ෂා අෆ්‍රිඩි නම් කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 4, 6 සහ 8 යන දිනවල ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි තරග තුනකින් යුත් එක්දින තරගාවලියේදී වමත් වේග පන්දු යවන්නා වන ෂහීන් පාකිස්ථාන කණ්ඩායම මෙහෙයවනු ඇති.
මෙම පත්වීමත් සමග මොහොමඩ් රිස්වාන්ගේ එක්දින නායකත්වය අවසන් වූ අතර, එය පසුගිය වසර තුළ පාකිස්ථාන එක්දින කණ්ඩායමේ තුන්වන නායකත්ව වෙනස්වීම ලෙස සටහන් වනවා.
2027 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ෂහීන්ගේ නායකත්වය තුළ කණ්ඩායමේ කාර්ය සාධනය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙනවා.