Latest News

දිල්ලි නගරයේ වායු තත්ත්වය අතිශය දූෂිත මට්ටමට – හේතුව මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දීපාවලි සැමරුම් උත්සව හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු තත්ත්වය ඉතා දූෂිත මට්ටමට ළඟා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ වායු තත්ත්ව කළමනාකරණ කොමිසම සඳහන් කරන පරිදි දීපාවලි සැමරුම් හේතුවෙන් මේ වන විට දිල්ලි නගරයේ වායු තත්ත්වය අතිශය දූෂිත මට්ටමට ළඟා වී තිබෙනවා.

වායු දූෂණය ඉහළ යාම සමග ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් හා කුඩා ළමුන් මෙන්ම වයස්ගත පුද්ගලයින් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.

දිල්ලි නගරයේ වායු තත්ත්වය දර්ශක අගය 335 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉතා දුර්වල අගයක් ලෙසයි සැලකෙන්නේ.

වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් රතිඤ්ඤා ඇතුලු ගිනිකෙළි භාවිතය තහනම් කර ඇති පසුබිමක දීපාවලි උත්සව සැමරුම් සඳහා ඒවා නැවත යොදා ගැනීම වායු දූෂණය ඉහළ යාමට හේතුවී තිබෙනවා.

World News

Send your contact Details Today