Latest News

චීනයෙන් ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියානු P-8 නිරීක්ෂණ ගුවන් යානය දකුණු චීන මුහුදට ඉහළින් සාමාන්‍ය මුර සංචාරයක යෙදී සිටියදී චීනයේ PLA Su-35 ප්‍රහාරක ජෙට් යානයක් ගිනිදැල් නිකුත් කළ පසු දෙරට අතර උණුසුම තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාව මේ පිළිබඳව බීජිං වෙත රාජ්‍ය තාන්ත්‍රික විරෝධතාවක් ඉදිරිපත් කර ඇති අතර, එය “අනාරක්ෂිත සහ වෘත්තීයමය නොවන” ක්‍රියාවක් ලෙස විස්තර කර තිබෙනවා

ඔස්ට්‍රේලියානු P-8A ගුවන් යානය චීනයේ ගුවන් සීමාවට “නීතිවිරෝධී ලෙස” ඇතුළු වූ බවත්, එය රැක ගැනීමට තම හමුදාව ක්‍රියාත්මක කළ බවද චීන පාර්ශ්වය කියා සිටිනවා.

නියෝජ්‍ය අගමැති රිචඩ් මාර්ල්ස් කියා සිටියේ කිසිදු හානියක් සිදු නොවූ නමුත්, එය “භයානක” තත්ත්වයක් බවයි.

එසේම ජාත්‍යන්තර නීතියට අනුව තම හමුදාව සෑමවිටම නිදහසේ ගුවන් ගමන් කරනු ඇති බවද සඳහන් කළා.

කෙසේනමුත්, තම ස්වෛරීභාවයට හානි කරන මෙවැනි “ප්‍රකෝපකාරී ක්‍රියාකාරකම්” වහා නතර කළ යුතු බව චීනය පවසනවා.

ඕස්ට්‍රේලියාවේ වෙළඳාමෙන් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ දකුණු චීන මුහුද හරහා බැවින්, එහි ආරක්ෂාව සහ සාමය රටට ඉතා වැදගත් බවද සඳහන් වනවා.

World News

Send your contact Details Today