ඩාෆිගේ පාලන තන්ත්‍රයෙන් මැතිවරණ ප්‍රචාරක අරමුදල් ලබා ගැනීමේ කුමන්ත්‍රණයකට අපරාධ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසි හෙට සිරගත කිරීමට නියමිතයි.
ඒ අනුව අඟහරුවාදා උදෑසන පැරිසියේ දකුණේ ලා සැන්ටේ බන්ධනාගාරයේ ගේට්ටු අසල පෙනී සිටින ලෙස ඔහුට නියෝග කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යුරෝපා සංගම් රටක හිටපු ප්‍රධානියෙකුට සිර දඬුවම් නියම වූ පළමු පුද්ගලයා වන්නේ ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයා බවයි.
ලිබියානු නායක කර්නල් මුඅම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබාගැනීමේ කුමන්ත්‍රණයකට වරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට පසුගිදා වසර පහක සිර දඬුවමක් නියම කළා.
“මම හිරගෙදරට බිය නොවෙමි. බන්ධනාගාර ගේට්ටු ඇතුළුව මගේ හිස ඉහළට ඔසවාගෙන සිටිමි,” ලෙස ඔහු පවසා ඇති බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.