Latest News

ශ්‍රී ලාංකිකයන් සහිත සුඛෝපභෝගී රුවල් යාත්‍රාවක් ගිලීමෙන් 7 ක් අතුරුදන්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අඩි 180ක සුඛෝපභෝගී රුවල් යාත්‍රාවක් ඉතාලියේ සිසිලි දූපතට ඔබ්බෙන් ටොනේඩෝවකට හසුව ගිලී ගොස් තිබෙනවා.

මෙම යාත්‍රවේ ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් නවසීලන්තය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය යන රටවල පුරවැසියන් සහ ද්විත්ව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකු ද ඇතුලුව 22 දෙදෙනෙකු ගමන් කර තිබෙනවා.

ඉන් 7 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ඊට බ්‍රිතාන්‍ය ජාතිකයන් හතර දෙනෙක් සහ ඇමරිකානුවන් දෙදෙනෙක් අයත්.

ගලවා ගැනීමේ මෙහෙයුමෙන් එක් හැවිරිදි පිරිමි ළමයෙකු, ඔහුගේ මව සහ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු 15 දෙනෙකු බේරා ගෙන ඇති බව සඳහන්.

වෙරළාරක්ෂක මුර යාත්‍රා සහ ගිනි නිවන භටයන් විසින් මුදා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා.

මෙම පිරිස සිසිලියේ නිවාඩුවක් ගත කළ සංචාරකයින් පිරිසක් බව වාර්තා වන අතර, එම සුඛෝපභෝගී රුවල් යාත්‍රාව බ්‍රිතාන්‍ය ධජයක් යටතේ යාත්‍රා කර ඇති බව සඳහන්.

World News

Send your contact Details Today