අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ රජයට එරෙහිව රටපුරා පැවැත්වෙන විරෝධතාවල කොටසක් ලෙස මෙම සති අන්තයේ මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන් වීදි බසින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම විරෝධතා සංවිධානය කරන්නේ Indivisible නම් සංවිධානයක් වන අතර, එය අමෙරිකානු ඉතිහාසයේ විශාලතම විරෝධතා දිනයක් බවට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
සංවිධායකයින් පවසන පරිදි, මෙම විරෝධතා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආණ්ඩුව විසින් සිදු කරන අධිකාරි බලය අත්පත් කර ගැනීමට විරෝධය පළ කිරීම සදහා පැවැත්වෙනවා.
“No Kings” ලෙස මෙම විරෝධතාවය නම් කර ඇති අතර ජනපතිවරයා තම බලය ඔහුගේ තනි අධිකාරියක් ලෙස භාවිතා කරන බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.
අමෙරිකාව පුරා විරෝධතා 2,500කට වැඩි සංඛාවක් පැවැත්වීමට නියමිත අතර මීට පෙර පැවති “No Kings” විරෝධතා මාලාවට ද මිලියන 5කට ආසන්න ජනතාවක් සහභාගී වුණා.