ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන හේලීස් සමූහය (Hayleys) විසින්, ප්‍රසිද්ධ ලැයිස්තුගත පාරිභෝගික භාණ්ඩ සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් (Harischandra Mills) PLC හි කොටස් මිලදී ගෙන තිබෙනවා.
මෙම කොටස් මිලදී ගැනීම සිදු කර ඇත්තේ සෙන්තිල්වෙල් හෝල්ඩින්ග්ස් (Senthilverl Holdings) වෙතින් වන අතර, ඔවුන් වසර ගණනාවක් තිස්සේ එම සමාගමේ සියයට 40ක (කොටස් 779,123ක්) කොටස් හිමිකාරිත්වයක් පවත්වාගෙන ගොස් තිබුණා.
මෙම ගනුදෙනුවත් සමඟ හරිස්චන්ද්‍ර මිල්ස්හි කොටස් මිලෙහි සුවිශේෂී ඉහළ යෑමක් වාර්තා වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළ දත්ත අනුව, සාමාන්‍යයෙන් රුපියල් 3,300ක් පමණ වූ කොටසක මිල, ඊයේ (16) දින රුපියල් 5,250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.