Latest News

ISIS සංවිධානයට සල්ලි පොම්ප කළ ශ්‍රී ලංකාවේ සැකකරුවන් 15ක් ගැන TIDය විමර්ශන අරඹයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ISIS විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙරට ව්‍යාප්ත කිරීමට ආධාර අනුබල දෙමින්, ඒ සඳහා මූල්‍ය ආධාර ලබාදුන් බව කියන සැකකරුවන් 15ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා හමුවේ දැන්වූවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා පැමිණිලි 15ක් ගොනු කරමින් මෙලෙස දන්වා සිටියා.

ත්‍රස්ත හා මූල්‍ය විමර්ශන අංශ ස්ථානාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන කටයුතු සිදුකරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ.

පාස්කු ප්‍රහාරය එල්ල කර සංවිධාන සාමාජිකයන් හට අන්තවාදී දේශන පැවැත්වීම ඇතුළු ISIS සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා ආධාර අනුබල ලබාදීම සහ මූල්‍ය ආධාර ලබාදී ඇති බවට ද තොරතුරු අනාවරණය වන බවයි විමර්ශන නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේ.

මෙම සැකකරුවන් අතරින් ඇතැම් සැකකරුවන්ට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කොට ඇති බවත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවා.

අල් කයිඩා හා අයි,එස්, අයි.එස් ත්‍රස්ත සංවිධානවල දේශනාවලට සහභාගිවීම, එම ත්‍රස්ත සංවිධානවලට මුදල් සැපයීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරන බව පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

World News

Send your contact Details Today