මුදල් විශුද්ධිකරණයට එරෙහිව සටන් කිරීම සඳහා ක්‍රිප්ටෝ ATM යන්ත්‍ර (Cryptocurrency ATMS) මර්දනය කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ බරපතල අපරාධ අවදානම් මැඩපැවැත්වීම සඳහා බලධාරීන් කඩිනමින් ක්‍රියා කරන බවයි ඔස්ට්‍රේලියානු මූල්‍ය අපරාධ නිරීක්ෂණ ආයතනය වන ඔස්ට්‍රැක් (AUSTRAC) පවසන්නේ.
ක්‍රිප්ටෝ ATM යන්ත්‍රවල ඉහළම පරිශීලකයින් විසින් යවන ලද ගනුදෙනුවලින් 85% ක් අපරාධකරුවන් වෙනුවෙන් නීතිවිරෝධී ලෙස මුදල් මාරු කරන “money mules” ලෙස හැඳින්වෙන පුද්ගලයින්ගේ වංචා හෝ ක්‍රියාකාරකම් බවටයි ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ.
වෙනත් මූල්‍ය ආයතන ගනුදෙනු අවහිර කරන අවස්ථාවල, අපරාධකරුවන් මුදල් මාරු කිරීමට ක්‍රිප්ටෝ ATM භාවිතා කරන බව ද හෙළිකරගෙන තිබෙනවා.
ෆෙඩරල් රජය පවසන්නේ මෙම යන්ත්‍ර හරහා සිදුවන ගනුදෙනුවලින් 99% ක් මුදල් තැන්පතු වන අතර, ඒවා මුදල් විශුද්ධිකරණය සඳහා ඉහළ අවදානමක් ඇති බවයි.
ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් විසින් ක්‍රිප්ටෝ ATM යන්ත්‍ර ඇතුළු අධි අවදානම් නිෂ්පාදන, සේවා හෝ බෙදාහැරීමේ මාර්ග සීමා කිරීමට හෝ තහනම් කිරීමට ඔස්ට්‍රැක් ප්‍රධාන විධායක නිලධාරියාට නව බලතල ලබා දෙන ප්‍රතිසංස්කරණ අද නිවේදනය කිරීමට නියමිතයි.
මේ අතර අපරාධකරුවන් විසින් විදේශීය ශිෂ්‍යයන් හා වීසා හිමියන්ගේ බැංකු ගිණුම් භාවිතා කර “මියුල් ගිණුම්” නිර්මාණය කිරීම අවහිර කිරීමට නව නීති ගෙන එන බව ද ඔහු සඳහන් කළා.
පසුගිය වසර 6 තුළ, ඔස්ට්‍රේලියාවේ ක්‍රියාකාරී ක්‍රිප්ටෝ ATM යන්ත්‍ර සංඛ්‍යාව 15 ගුණයකින් ඉහළගොස් ඇති අතර එය මේ වනවිට 1,600 දක්වා වැඩි වී තිබෙනවා.