Latest News

ඉන්දියාව භාර නොගත් මෙවර ආසියා කුසලානයට ACC සභාපති සිදු කළ දේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මොහ්සින් නක්වි, ආසියා කුසලානය ඩුබායි හි පිහිටි ACC කාර්යාලයේ අල්මාරියක (Cupboard) අගුළු දමා පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මොහ්සින් නක්වි සිය කාර්ය මණ්ඩලයට පැහැදිලිව උපදෙස් දී ඇත්තේ, තමාගේ අනුමැතියකින් තොරව සහ ඉන්දීය නායකයා පෞද්ගලිකව පැමිණීමකින් තොරව වෙනත් කිසිවකුට ආසියානු කුසලානය භාර නොදෙන ලෙසයි.

ඒ අනුව ඔහු කුසලානය තමා අතින්ම ඉන්දීය කණ්ඩායමට හෝ BCCI වෙත භාර දෙන බවට ස්ථිර ස්ථාවරයක සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් මෙම ක්‍රියාව “අතිශයින්ම අවාසනාවන්ත සහ ක්‍රීඩාශීලී නොවන” බව පවසමින් එය දැඩි ලෙස හෙළා දැක ඇති බව ද සඳහන්.

කුසලානය තනි පුද්ගලයෙකුට අයිති දේපළක් නොවන බවත්, එය වහාම ශූරයින්ට භාර දිය යුතු බවත් BCCI අවධාරණය කර තිබෙනවා.

World News

Send your contact Details Today