Latest News

BYD සමාගම, සුපිරි Tesla අභිබවා යයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගමක් වන BYD 2024 වසර සඳහා වාර්තා කර ඇති වාර්ෂික ආදායම අනුව එය ප්‍රතිවාදී ටෙස්ලා සමාගම අභිබවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෂෙන්සෙන් මූලස්ථානය කරගත් BYD සමාගම පවසන්නේ තම ආදායම යුවාන් බිලියන 777 (ඩොලර් බිලියන 107; පවුම් බිලියන 83) දක්වා, 29% කින් ඉහළ ගොස් ඇති බවයි.

හයිබ්‍රිඩ් වාහන අලෙවිය ඉහළ යෑම මෙම වර්ධනයට හේතුවී තිබෙන අතර මෙම වර්ධනය ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම වාර්තා කරන ලද ඩොලර් බිලියන 97.7 ක ආදායම ඉක්මවා යාමක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පසුගියදා BYD සමාගම විසින් ටෙස්ලා සමග තරග කිරීමට නව වාහන මාදිලියක් පිළිබඳ නිවේදනයක් නිකුත් කළා.

Qin L නැමති එම වාහන මාදිලියේ චීනයේ ආරම්භක මිල යුවාන් 119,800 ක් වන අතර, ටෙස්ලා හි Model 3 හි මූලික මට්ටමේ වාහනයක මිල යුවාන් 235,500 ක්.

පසුගිය සතියේ, BYD හි නිර්මාතෘ වැන්ග් චුවාන්ෆු නව බැටරි ආරෝපණ තාක්ෂණයක් නිවේදනය කළ අතර, එමගින් මිනිත්තු පහකින් විද්‍යුත් වාහනයක් (EV) චාර්ජ් කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

එය සසඳා බැලීමේදී ටෙස්ලා රථයක් එහි සුපිරි චාජර් පද්ධතිය භාවිතයෙන් ආරෝපණය කිරීමට මිනිත්තු 15ක් පමණ කාලයක් ගතවෙන අතර පෙබරවාරි මාසයේදී, BYD නිවේදනය කළේ “God’s Eye” ලෙස ඔවුන් හඳුන්වන උසස් රියදුරු සහායක තාක්ෂණය තම සියලුම වාහන මාදිලිවලට නොමිලේ ලබා ගත හැකි බවයි.

World News

Send your contact Details Today