Latest News

ලෙඩක් නිසා මැලේසියාවේ පාසල් වැසෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැලේසියාවේ ප්‍රදේශ රැසක පැතිර යමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝගය හේතුවෙන් එරට පාසල් රැසක් වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඉන්ෆ්ලුවෙන්සා රෝගය එරට පාසල් ළමුන් 6,000කට පමණ මේ වන විට ආසාදිනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

රෝගය පාලනය සඳහා මාර්ගෝපදේශ ද හඳුන්වා දී ඇති අතර පසුගිය සතියේ දී ඉන්ෆ්ලුවෙන්සා ආසාදිත කණ්ඩායම් 97ක් ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මැලේසියාවේ බොහෝ ප්‍රදේශවලින් මෙම රෝගය ආසාදිත වූ රෝගීන් වාර්තා වී ඇති අතර වැඩිම පිරිසක් පාසල් සහ පෙර පාසල් දරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today