Latest News

භානුක සහ ධනංජය ලෝක කුසලාන මූලික සංචිතයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අයිසීසී විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන්, එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා එක් කර ඇති බව වාර්තා වනවා.

ලබන මස 11දා ආරම්භ වන මෙම සංචාරයේදී තරග තුනකින් යුත් එක්දින තරගාවලියක් සහ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව සහභාගි වන විස්සයි20 තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

තේරීම් කමිටු සභාපති උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් රැස්වූ තේරීම් කමිටුව, විස්සයි20 තරගාවලිය සඳහා වන 22කගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇති අතර, ඔවුන් මේ දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරතව සිටින බවට වාර්තා වනවා.

භානුක රාජපක්ෂ මේ වසරේ ජනවාරි මාසයෙන් පසුව සහ ධනංජය ද සිල්වා 2024 ජුනි මාසයෙන් පසුව ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට එක්ව සිටියේ නැහැ.

World News

Send your contact Details Today