Latest News

ප්‍රචණ්ඩකාරී විරෝධතා හමුවේ මැඩගස්කරයේ ජනාධිපතිවරයා පළායයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පූර්ණ ආරක්ෂාව සහිත ස්ථානයක තමා රැඳී සිටින බව මැඩගස්කරයේ ජනාධිපතිවරයා නිවේදනය කරනවා.

මැඩගස්කර ජනාධිපති ඇන්ඩ්‍රි රාජෝලිනා සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ එරට හමුදාවේ ඉහළ පෙලේ නිලධාරීන් හා දේශපාලනඥයින් එක්ව තමන් ඝාතනයට උත්සාහ කරන බවයි.

එබැවින් පූර්ණ ආරක්ෂාව සහිත ස්ථානයක මේ වනවිට රැඳී සිටින බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ජනාධිපති ඇන්ඩ්‍රි රාජෝලිනාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් පසුගිය සති කිහිපය පුරා විරෝධතා ක්‍රියාත්මකයි.

එම විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා.

මැඩගස්කරයේ තරුණ කණ්ඩායම් එක්ව එම විරෝධතා සංවිධානය කර ඇති අතර ඔවුන් හා පොලිසිය අතර දරුණු ගැටුම්ද හටගත්තා.

ජනාධිපතිවරයා මේ වනවිට තමන් රැඳී සිටින ස්ථානය සම්බන්ධයෙන් හෙළි කිරීමක් සිදු නොකළද ඔහු ප්‍රංශය ගුවන් හමුදාවට අයත් යානයකින් එරටින් පලාගොස් ඇති බවද වාර්තා වනවා.

World News

Send your contact Details Today