Latest News

ඉෂාරා සෙව්වන්දි ඇතුළු තවත් අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, මොවුන් අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතමයෙකු ද සිටින බවටයි පොලිසිය සඳහන් කළේ.

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස හෙට (15) මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.

නඩු කටයුත්තක් සඳහා පැමිණි ගනේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුලදී වෙඩි තබා ඝාතනයට ලක්වූයේ පසුගිය පෙබරවාරි මස 19 වනදායි.

World News

Send your contact Details Today