Latest News

පිතිකරුවාට පන්දුවෙන් ගැසූ බටහිර ඉන්දීය පන්දු යවන්නෙකුට දඩයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවට එරෙහිව නවදිල්ලියේ පැවති දෙවන ටෙස්ට් තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විනය සංග්‍රහය කඩ කිරීම හේතුවෙන් බටහිර ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස්ට (Jayden Seales) තරග ගාස්තුවෙන් 25%ක දඩයක් සහ එක් දඬුවම් ලකුණක් පනවා ඇති බව වාර්තා වනවා.

ඉන්දීය පළමු ඉනිමේදී සීල්ස් රැකගත් පන්දුවක් ඉන්දීය පිතිකරු යශස්වි ජයිස්වාල් වෙතට විසි කිරීමෙන්, පන්දුව පිතිකරුගේ පෑඩ්වල වැදීම මෙම සිද්ධියට හේතු වී ඇති බව සඳහන්.

පිතිකරු ක්‍රීස් එක තුළ ආරක්ෂිතව සිටියදී පන්දුව විසි කිරීම අනවශ්‍ය සහ නුසුදුසු ක්‍රියාවක් බව තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් නිගමනය කර ඇති බව සඳහන් කළා.

මෙම නව දඬුවම් ලකුණත් සමඟ, මාස 24ක කාලයක් තුළ සීල්ස්ගේ දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

World News

Send your contact Details Today