ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 48 දෙනෙකු භාරදීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.
මෙම ප්‍රාණ ඇපකරුවන්ගෙන් 20 දෙනෙකු ජීවතුන් අතර සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ.
ඔවුන්ගේ නම් ලැයිස්තුව ද හමාස් සංවිධානය විසින් නිකුත් කර ඇති අතර එම ලැයිස්තුව ඊශ්‍රායල රජයේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව ද සඳහන්.
සටන් විරාම ගිවිසුමේ කොන්දේසි යටතේ, ජීවතුන් අතර සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා මුලින්ම රතු කුරුස සංවිධානයට භාර දීමට නියමිතයි.
ඉන් පසුව ඔවුන්ව පවුල් සමඟ යළි එක්වීම සඳහා හමුදා කඳවුරකට හෝ අවශ්‍ය නම් වහාම රෝහලකට ගෙන යනු ඇති.
මුදානොහැරෙන මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් සොයාගැනීමේ කටයුතු සඳහා, පැය 72 ක් ඇතුළතජාත්‍යන්තර කාර්ය සාධක බලකායක් කටයුතු ආරම්භ කරන බව ඊශ්‍රායල නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.
නිකුත් කර ඇති නම්, මීට පෙර වාර්තා කරන ලද ජීවතුන් අතර සිටින බවට විශ්වාස කෙරෙන 20 දෙනාගේ ලැයිස්තුවට ගැළපෙන බව පැවසෙනවා.
හමාස් සංවිධානය විසින් 2023 ඔක්තෝබර් 7 වන දින ප්‍රහාරයෙන් පසු මොවුන් රඳවාගෙන සිටි අතර ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ පුවත් අපේක්ෂාවෙන්ටෙල් අවිව් හි ජනතාව ‘ප්‍රාණ ඇපකාර චතුරස්‍රය’ නමින් හඳුන්වා ගත් මංසන්ධියකට රැස්ව සිටින්නේ ඊයේ රාත්‍රි සිටයි.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ප්‍රතිචාර වශයෙන්, ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 250 දෙනෙකු සහ රඳවා ගත් පුද්ගලයන් 1,700 කට වැඩි පිරිසක් නිදහස් කිරීමට නියමිතයි.
මුළු මුදා හැරීමට නියමිත සංඛ්‍යාව1,718 කි. එය කලින් එකඟ වූ 1,722 ට වඩා අඩු අගයක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ඊශ්‍රායල රජයේ අමාත්‍යවරුන් විසින් පලස්තීන සිරකරුවන්ගේ සහ ගාසා තීරයේ රඳවා ගත් පුද්ගලයන්ගේ ලැයිස්තුවට පසුගිය රාත්‍රියේදී වෙනස්කම් කිහිපයක් අනුමතකර තිබුණා.
මෙම වෙනස්කම්වලට දැනටමත් නිදහස් කර ඇති එක් සිරකරුවෙකු ඉවත් කිරීම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නොලබන, හමාස් සංවිධානයට සම්බන්ධ සිරකරුවන් දෙදෙනෙකු ඇතුළත් කිරීම ඇතුළත්.
තවද, යුද්ධය ආරම්භ වූ පසු ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ රඳවා ගත් බාලවයස්කරුවන් 07 දෙනෙකු ලැයිස්තුවෙන් ඉවත් කර ඒ වෙනුවට කාන්තාවන් දෙදෙනෙකු ආදේශ කර තිබෙනවා.
ඊශ්‍රායලය මුදා හරිනු ලබන පලස්තීන රැඳවියන් අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින සිරකරුවන් 250 දෙනෙකු මෙන්ම යුද්ධය අතරතුර ගාසා තීරයෙන් අත්අඩංගුවට ගෙන චෝදනා නොමැතිව රඳවාගෙන සිටින පුද්ගලයන් 1,700 ක් පමණ සිටිනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් අද උදෑසන ඊශ්‍රායලයට පැමිණීමට නියමිතයි.
එහිදී ඔහු අගමැතිබෙන්ජමින් නෙතන්යාහුහමුවීමටත්, රටේ පාර්ලිමේන්තුව ඇමතීමටත් නියමිතයි.
ඉන් අනතුරුව, බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් ඇතුළු ලෝක නායකයන් ද සහභාගී වනසම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා ට්‍රම්ප් ඊජිප්තුව බලා පිටත්ව යනු ඇති.
ට්‍රම්ප් විසින් ගාසා තීරයේ”යුද්ධය අවසන්”බව ප්‍රකාශ කළ නමුත්, ඊශ්‍රායල-හමාස් ගනුදෙනුවේ මීළඟ අදියරයන් තවමත් සාකච්ඡා කළ යුතු බව සඳහන්.
පසුගිය දිනයේ විනාශයට පත් ගාසා තීරයටආධාර සැපයීමේ වැඩිවීමක්දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ තම හවුල්කරුවන් සමඟ එක්වඋණුසුම් ආහාර සහ පාන් සිය දහස් ගණනක් බෙදා හැර ඇති බවයි.
තවද, සන්නද්ධ හමාස් පොලිසිය නැවතත් මුර සංචාරයේයෙදී සිටින අතර, පලස්තීන කල්ලි සමඟමාරාන්තික වෙඩි හුවමාරු ද වාර්තා වී තිබෙනවා.