සෙනසුරාදා රාත්‍රියේ සිට ඇෆ්ගන් – පාකිස්තානන දේශසීමාවේ සිදු වූ වෙඩි හුවමාරුවලදී පාකිස්තාන හමුදා සෙබළු 58 දෙනෙක් මියගොස් තිබෙනවා.
පසුගියදා කාබුල් වෙත එල්ල වූ පකිස්ථාන ගුවන් ප්‍රහාරයකට එකට එක කිරීමක් ලෙස ඇෆ්ගනිස්ථාන තලේබාන්වරු පාකිස්ථාන මුරපොළවල් වෙත ප්‍රහාර එල්ල කළ බව සඳහන්.
දේශසීමාවේ ස්ථාන හයකට වැඩි ගණනක වෙඩි හුවමාරු සිදු වූ බව පාකිස්තාන ආරක්ෂක අංශ පැවසුවා.
මුරපොළ කිහිපයක්ම ඇෆ්ගන් සෙබළු විසින් අත්පත් කරගෙන ඇතැයි ද කාබුල් බලධාරින් සඳහන් කළා.
ගැටුම් හේතුවෙන් දේශසීමාව හරහා හරස් මාර්ග සියල්ලද වසා දමා තිබෙනවා.
පකිස්ථාන තලේබාන් සටන්කාමී කණ්ඩායමේ නායකයා වාහනයකින් ගමන් කරමින් සිටියදී ඔහු ඉලක්ක කරගනිමින් පකිස්ථානය පසුගිය දා කාබුල් අගනුවරට ගුවන් ප්‍රහාරයක් එල්ල කළා.
මේ දිනවල ඇෆ්ගන් විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින අතර 2021 දී තලේබාන් කණ්ඩායම බලය අල්ලා ගැනීමෙන් පසු ජ්‍යෙෂ්ඨ තලේබාන් නිලධාරියෙකුගේ පළමු සංචාරය මෙයයි.
දෙපාර්ශ්වය සබඳතා වැඩිදියුණු කිරීමට එකඟ වූ අතර එම සංචාරය පකිස්ථානයට තවත් කනස්සල්ලක් ඇති කර තිබෙනවා.
ඉන්දියාවේ සහාය ඇතිව පකිස්ථානයට පහර දෙන පාකිස්තාන තලේබාන් සටන්කාමීන්ට රැකවරණය සපයන බවට ඉස්ලාමාබාද් ඇෆ්ගන් තලේබාන් පරිපාලනයට චෝදනා කරන්නේ දීර්ඝ කාලයක සිටයි.
නවදිල්ලිය චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර, තලේබාන්වරු පවසන්නේ තම භූමිය වෙනත් රටවලට එරෙහිව භාවිතා කිරීමට ඉඩ නොදෙන බවයි.