ඉදිරි දින කිහිපය තුළ ඉතාලිය පුරාවටම ‘ඔටෝබ්‍රාටා’ නමින් හැඳින්වෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවට iLMeteo.it කාලගුණ විද්‍යාඥ ලොරෙන්සෝ ටෙඩිසි පවසනවා.
ඒ අනුව උණුසුම්ම නගර වන ෆ්ලෝරන්ස්, නේපල්ස් ඔරිස්ටානෝ, ප්‍රාටෝ, රෝමය, සිරකුසා, සොන්ඩ්‍රියෝ සහ ටර්නි – උපරිම උෂ්ණත්වය 26-27°C දක්වා ඉහළ යනු ඇති බවයි ඔහු පවසන්නේ.
රටේ ඉතිරි බොහෝ ප්‍රදේශවල උපරිමය 23-25°C පමණ වනු ඇති අතර, වසරේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා 5-6° වැඩි වන බව ද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, සිසිලියේ සහ සාඩීනියාවේ සමහර ප්‍රදේශවලට වැසි ඇද හැලෙන්නට ඉඩ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.