Latest News

වනිඳුගේ තැන අසංලකට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස චරිත් අසංලක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙන බව පසුගිය සිකුරාදා නිල වශයෙන් දැනුම් දී ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත් පත වාර්තා කරනවා.

ඒ අනුව චරිත් අසලංක ඉන්දියාව සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ සිට ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කරනු ඇති.

වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කිරීමත් සමඟයි අදාළ පත් කිරීම සිදු කිරීමට නියමිතව ඇත්තේ.

වනිඳු ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මාස හයකට ආසන්න කාලයක් කටයුතු කළ අතර එම කාලයේ දී ඔහුගේ හැසිරීම සහ නායකත්වය සම්බන්ධයෙන් දැඩි විවේචන ප්‍රසිද්ධියේ එල්ල වුණා.

ඒ හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉවත් වන බවට දැනුම් දුන් බවයි, පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පසුගිය සිකුරාදා චරිත් අසලංක සහ තේරීම් කමිටුවේ සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවේ දී ඉදිරි තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් සංයෝජනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද සඳහන්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 27 වැනිදා නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

අදාළ තරගාවලියට තරග තුනක් ඇතුළත්.

World News

Send your contact Details Today