අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නෙසෙට් සභාව ඉදිරියේ දේශනයක් පැවැත්වීමට ආරාධනා කර තිබෙනවා.
ඒ ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ (නෙසෙට්-Knesset) කථානායක අමීර් ඕහානා (Amir Ohana) විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔහු ජනපති ට්‍රම්ප්ව හඳුන්වා ඇත්තේ “නූතන ඉතිහාසයේ යුදෙව් ජනතාවගේ ශ්‍රේෂ්ඨතම මිතුරා සහ සහචරයා” ලෙසින්.
‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඕහානා, ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීමට ට්‍රම්ප්ට ආරාධනා කරමින් ධවල මන්දිරයට යැවූ ලිපියක් ද දක්වා තිබුණා.
මෙම ආරාධනාවත් සමග, 2008 වසරේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගෙන් (George W Bush) පසු ධූරය හොබවන අමෙරිකානු ජනාධිපතිවරයෙකු ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත පළමු අවස්ථාව මෙය වනු ඇති.
මෙම ආරාධනාව හරහා ඊශ්‍රායලයේ ප්‍රධානතම සගයෙකු ලෙස ට්‍රම්ප්ගේ නායකත්වය සහ ඊශ්‍රායල – අමෙරිකා සබඳතා ශක්තිමත් කිරීම අගය කරනු ලබනවා.