Latest News

ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයන්ගෙන් 24%කට විශාදය ලක්ෂණ තිබෙන බව හෙළිවේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ සෑම වැඩිහිටියන් 04 දෙකුගෙන් එක් අයෙක්ට මානසික ගැටලුකාරී තත්ත්වයක් තියෙන බවත් සෑම ළමුන් 05 දෙනෙක්ගෙන් එක් අයෙක්ට මානසික ගැටලු තත්ත්වයක් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයන්ගෙන් ඉහළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ගෙන් 24%කට විශාදය ලක්ෂණ තිබෙන බවත් 60%ක් මානසික පීඩනයෙන් පෙළෙන බව පසුගිය අවුරුදු වල කැලණිය විශ්ව විද්‍යාලය සහ මොනෑෂ් සරසවිය එක්ව සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී තිබෙන බව ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසනවා.

අද (10) දිනට දී තිබෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය පිළිබද දැනුවත් කිරීමකට එක්වෙමින් ඔහු මේ බව පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අධ්‍යාපනය පිළිබඳ තිබෙන පීඩනය, නිවසේ දෙමාපියන් සමඟ තිබෙන ගැටලු, සමාජ මාධ්‍ය භාවිතයේ සහ සිදුන්ට ඇතිවන ශාරීරික හා මානසික පීඩාවන නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 19%කට විශාදය නැමැති ලක්ෂණ තිබෙන බවත් එමඟින් පෙනී යන්නේ ජනගහනයෙන් සෑහෙන කොටසකට මනෝ වෛද්‍ය ගැටලු පවතිනවා යැයි යන්න බවද ඔහු සඳහන්කර සිටියා.

මානසික සෞඛ්‍ය නියමිත ආකාරයෙන් රැකගැනීමට නම් පැය 06ක හෝ හතක සුව නින්දක් අවශ්‍ය බවත්, තරුණ සහ වැඩිහිටි සියලුම දෙනා මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයෙන් වැලකී සිටිය යුතු බවත් මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙනවා.

World News

Send your contact Details Today