Latest News

ලංකාවේ අයගෙන් විවිධ මානසික ආබාධ ඇති අය ගැන විශේෂ අනාවරණයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10ක ප්‍රතිශතයක් විවිධ මානසික රෝගවලින් පෙළෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

අදට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් කොළඹ ඊයේ පැවති ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉන් සියයට 2ක ප්‍රතිශතයක් බරපතල මානසික රෝගවලින් පෙලෙන බවයි.

මෙරට ජනතාවගේ මානසික සෞඛ්‍ය පිළිබදව ඇති උනන්දුව අඩු බවත් පවතින තත්ත්වයට වඩා ජනතාව සිය මානසික සෞඛ්‍ය පිළිබදව සිතිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

එමෙන්ම පසුගිය වසරේදී රුපියල් මිලියන 250ක් රජය මගින් මානසික සෞඛ්‍ය උදෙසා වෙන් කර ඇති බවත්, පවතින තත්වය වෙනස් කිරීමට නම් සියලු දෙනා මානසික සෞඛ්‍ය පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

World News

Send your contact Details Today