Latest News

දෝනිගේ ළමා කාලයේ නිවහනට සිදු කළ දේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ක්‍රිකට් ලෝකයේ සුපිරි නායකයා වන මහේන්ද්‍ර සිං දෝනි සිය ළමා කාලය ගත කළ නිවහන දැන් ඉන්දියාවේ උසස්ම තත්ත්වයේ රෝග විනිශ්චය මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා.

රාංචි නුවර පිහිටි ඔහුගේ පැරණි නිවසේ මෙම නියුබර්ග් පල්ස් රෝග විනිශ්චය මධ්‍යස්ථානය (Neuberg Pulse Diagnostics Centre) දෝනි විසින්ම විවෘත කළ බව අනාවරණය වෙනවා.

ඉන්දියාව පුරා සිටින ප්‍රධාන වෛද්‍යවරුන්ගේ සහ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් මෙය ආරම්භ කළ අතර, මෙහිදී හෘද රෝග, දියවැඩියාව ඇතුළු රෝග රැසක් සඳහා නවීන තාක්ෂණය යටතේ රෝග විනිශ්චය සේවා 6,000කට අධික සංඛ්‍යාවක් ලබා දෙනු ඇති.

විශේෂයෙන්ම මෙම මධ්‍යස්ථානය මගින් පිළිකා හඳුනාගැනීම සඳහා අති නවීන PET-CT ස්කෑනර් යන්ත්‍රය ද හඳුන්වා දී ඇති බව සඳහන්.

දේශීය ජනතාවට දැරිය හැකි වාරික මිල ගණන් යටතේ විශිෂ්ට සෞඛ්‍ය සේවා සැපයීම මෙහි මූලික අරමුණ බව සඳහන් වනවා.

මෙම ගොඩනැගිල්ල තුළ දෝනිගේ ටෙස්ට් සහ විස්සයි 20 ලෝක කුසලාන ජයග්‍රහණ ආශ්‍රිත ක්‍රිකට් සිහිවටන සහ ඡායාරූප ගැලරියක් ද ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

World News

Send your contact Details Today