Latest News

ලෝක රන් මිලට, ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූ දේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙනවා.

ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රුපියල් 8,000කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 290,500ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රුපියල් 283,000ක් ලෙසයි.

මේ අතර සෙනසුරාදා රුපියල් 306,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 314,000ක් දක්වා ඉහළ වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

World News

Send your contact Details Today