යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ඔස්ට්‍රේලියාවේ තවත් විශාල අභ්‍යවකාශ ඇන්ටනාවක් විවෘත කර තිබෙනවා.
පර්ත් නගරයට උතුරින් පිහිටි නිව් නෝර්සියා හි (New Norcia) ඉදි කර ඇති එය New Norcia 3 (NNO-3) ලෙස හැඳින්වෙනවා.
මෙම ඇන්ටනාව යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ලොව පුරා ඇති නාලිකා හතරෙන් එකක් වන අතර, දත්ත සැකසීමේ ඉහළ ඉල්ලුමට සහාය වීම සඳහායි ඉදිකර ඇත්තේ.
40mක් උස සහ ටොන් 700ක් බරැති මෙම ඇන්ටනාව අඟහරු, බ්‍රහස්පති, සූර්යයා සහ විශ්වයේ අනෙකුත් නොදන්නා කොටස් ගවේෂණය කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ESA අධ්යක්ෂ ජෙනරාල් ජොසෙෆ් අෂ්බැචර් (Josef Aschbacher) පවසන්නේ නිරීක්ෂණය කරනු ලබන බිලියන ගණනක් තරු සහ මන්දාකිණි මඟින් විශාල දත්ත ප්‍රමාණයක් නිර්මාණය වන අතර දුර සිට දුරේක්ෂවලින් දුර්වල සංඥා ලබා ගැනීමට විශාල ඇන්ටෙනාවක් අවශ්‍ය බවයි.
Km මිලියන සිය ගණනක් දුරින් පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ කොටස් ගවේෂණය කිරීම සඳහා දියුණු සහ නිවැරදි තාක්ෂණයේ අවශ්‍යතාව ESA හි නිව් නෝර්සියා කළමනාකරු සුසි ජැක්සන් ද පෙන්වා දෙනවා.
නව ඇන්ටනාවට න්‍යායාත්මකව අඟහරුගේ සිට වුවත් දුරකථන ඇමතුමක් ලබා ගත හැකි තරම් සංවේදී බවයි ඇය සඳහන් කළේ.