Latest News

ශ්‍රී ලංකාවේ 5G වර්ණාවලි වෙන්දේසියට අවසන් නිවේදන නිකුත් කරයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉදිරි 2025 5G වර්ණාවලි වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාව අවසන් පැවරුම් නිවේදනය (NoA) නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.

එය ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීම සඳහා වන ප්‍රධාන පියවරක් සනිටුහන් කරනවා.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ (ICTA) ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම නිවේදනය නිකුත් කළා.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) සභාපති වරුණ ශ්‍රී ධනපාල, එහිඅධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත්, 5G වෙන්දේසි කමිටුවේ සභාපති සහ මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ශාන්ත ගුණනන්දන යන පිරිස මෙම අවස්ථාවට සහභාගී වුණා.

වර්ණාවලියේ අවසාන වෙන් කිරීම ඊළඟ පරම්පරාවේ විදුලි සංදේශ සේවා පුළුල් කිරීම සඳහා ශක්තිමත් පදනමක් සපයනු ඇති බවත්, 5G තාක්ෂණය ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ කාර්මික සංවර්ධනයේ ධාවකයක් ලෙස ස්ථානගත කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය වීරරත්න පැවසුවේ.

අධිවේගී, ප්‍රමාදයන් අඩු අන්තර්ජාලය සහ දියුණු ඩිජිටල් යටිතල පහසුකම් මගින් සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ ඇඟලුම් නිෂ්පාදනය ඇතුළු බහුවිධ අංශ පරිවර්තනය කළ හැකි බව ඔහු තවදුරටත් පැවසුවා.

උදාහරණයක් ලෙස, කෘෂිකර්මාන්තයේ ස්මාර්ට් සංවේදක මඟින් අස්වැන්න වැඩි කර සම්පත් නාස්තිය අඩු කළ හැකි අතර නිෂ්පාදනයේ ස්වයංක්‍රීයකරණය මඟින් ගුණාත්මකභාවය සහ ඵලදායිතාව වැඩි දියුණු කළ හැකියි.

වෙන්දේසිය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරන අතර ගෝලීය ආර්ථිකය තුළ රටේ තරඟකාරීත්වය ශක්තිමත් කරනු ඇතැයි රජය අපේක්ෂා කරනවා.

World News

Send your contact Details Today