Latest News

“ආයු ඔබේ හද­වත සහ ආත්මය ස්පර්ශ කරනු ඇත, එයට ඉඩ දෙන්න” – සැන්ඩ්‍රා මැක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සැන්ඩ්‍රා මැක් අපිට හමු­වෙන්නේ චත්‍ර වීර­මන් සිනමා නිර්මා­ණ­යක් වන ‘ආයු‘ තුළින්. ආයු නිර්මා­ණ­යෙන් බොහෝ දෙනාගේ අව­ධා­නය දිනා ගන්නට ඇය සමත් වෙනවා. ඒ නිසා සැන්ඩ්‍රා ගැන රස­ඳුන අපිට හොයා යන්නට හිතුණා.

සැන්ඩ්‍රා මැක්…අපි කැම­තියි ඔබ ගැන දැන ගන්න?
මම පාසැල් ගියේ බම්බ­ල­පි­ටියේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යා­ල­යට. පසුව කොළඹ මෙතෝ­දිස්ත විද්‍යා­ල­යට. ඉන්පසු පේරා­දෙ­ණිය විශ්වවිද්‍යා­ලයේ බාහිර උපා­ධි­යක් ලබා ගන්නවා. මේ වෙද්දී වෙ‍ෙළද ප්‍රචා­රණ ක්ෂේත්‍රයේ රැකි­යාව කරන්නේ. කෙටි­කතා කියල වෙ‍ෙළඳ ප්‍රචා­රණ ආය­ත­න­යක නිර්මාණ අධ්‍යක්ෂ ලෙස කට­යුතු කර­නවා. අම්මයි තාත්තයි ජීව­තුන් අතර නැහැ. මට සහෝ­දර සහෝ­ද­රි­යන් දෙදෙ­නෙක් ඉන්නවා

සැන්ඩ්‍රා මැක් මේ වෙද්දී නිතර නොදැ­ක්කත් රංග­නය කියන දේ අලුත් දෙයක් නෙවෙයි නේද?
ඔව්… මම පොඩි කාලේ ඉඳන් වේදිකා නාට්‍ය­වල රඟ­පෑවා. මට මත­කයි නත්තල් සම­යේදී පල්ලියේ නාට්‍යයක එඬේ­රෙක්ගේ චරිතේ මට ලැබුණේ. හැබැයි මම දේව­දූත­යෙක්ගේ චරිතේ තමයි බලා­පො­රො­ත්තු­වෙන් හිටියේ. එත­කොට මට වයස අවු­රුදු හතයි. පසුව මම බොහෝ නාට්‍ය­වල රඟ­පෑවා. ඒ වගේම මම නාට්‍ය ලිව්වා. අධ්‍ය­ක්ෂ­ණය කළා. මෙතෝ­දිස්ත විදු­හලේ ඉන්න කාලේ හොඳම තිර රච­නය සඳහා වන සම්මා­නය ලබා ගත්තා. බ්‍රිටිෂ් කවු­න්සිල්හී රූඩි කොරෙන්ස් සහ ස්කොට් රිචාර්ඩ්ස්, ජිත් පීරිස්, ඇන්ඩෘ ඩේවිඩ්, ඉන්දු ධර්ම­සේන, කිසාරා යටි­යා­වෙල විසින් අධ්‍ය­ක්ෂ­ණය කරන ලද නාට්‍ය­වල රඟ­පෑවා.

ඒ වගේම 2002 වර්ෂයේ බූඩි කීර්ති­සේන අධ්‍ය­ක්ෂ­ණය කල ස්වර්ණ­වා­හිනී නාළි­කාවේ විකා­ශය වූ එච්. ඩී. ප්‍රේම­රත්න මහතා නිෂ්පා­ද­නය කළ ‘සත්‍යය‘ නම් ඩොග්මා ස්ටයිල් ටෙලි නාට්‍යයේ මහේන්ද්‍ර පෙරේරා එක්ක රඟපෑවා. ඒ එක්කම මම රූප­වා­හි­නියේ වෙ‍ෙළඳ දැන්වීම් කිහි­ප­ය­කුත් කරලා තියෙ­නවා.

කොහො­මද ආයුහි ප්‍රධාන භූමි­කාව ලැබෙන්නේ?
‘ආයු‘හි ප්‍රධාන භූමි­කාව ලැබෙන්නේ අහ­ම්බෙන්. මට චත්‍ර වීර­මන්ගෙන් දුර­කතන ඇම­තු­මක් එනවා. ඒ එන්නේ ඔහුගේ දෙවැනි චිත්‍ර­ප­ටයේ ප්‍රධාන චරි­තෙට ස්ක්‍රීන් ටෙස්ට් එක­කට එන්න කැම­තිද කියලා. මම ඒ වෙලාවේ හිතුවේ යාළු­වෙක්ගේ විහි­ළු­වක් කියලා. හොයල බලනකොට කතාව ඇත්ත. චත්‍ර නිෂ්මිගේ චරියට පණ පොවන්න නිළි­ය­ක්‌ ­හො­යන කාලේ කුමාර කියන නිෂ්පා­දන කළ­ම­නා­කරු මගේ නම චත්‍රට යෝජනා කරලා. මම දොස්තර කෙනෙක් හැටි­යට රඟපෑ වෙ‍ෙළඳ දැන්වී­මක ඔහු නිෂ්පා­දන කාර්ය මණ්ඩ­ලයේ හිටිය කෙනෙක්. ඒක ප්‍රසන්න ජය­කො­ඩිගේ නිර්මා­ණ­යක්. එහෙම තමා මට ආයුහි නිෂ්මිගේ චරි­තය ලැබෙන්නේ.

චිත්‍ර­ප­ටය තිර­ගත වෙන්න කාල­යක් ගත වෙනවා. ඒ ගැන කියන්න දෙයක් ඇති?
මම හිතන්නේ ‘ආයු‘ චිත්‍ර­ප­ටය ආද­රය, අහිමි වීම සහ තමන්ව සොයා ගැනීම ගැන. ඒක දැවැන්ත ආදර කතා­වක්. මෙම චිත්‍ර­ප­ටය විශේෂ කරන එකදු ඉන්ද්‍ර­ජා­ලික මොහො­ත­ක්වත් කාලය විසින් පැහැ­ර­ගෙන ගොස් නැහැ. 2025 වසර ‘ආයු‘ තිර­ගත වීමට නිය­මි­තව තිබුණා කියලා මට හිතෙ­නවා. මේ වසර චිත්‍ර­පට ක්ෂේත්‍රයේ නිර්මා­ණ­ශීලී පුද්ග­ල­යින්ට අපූරු වස­රක් වුණා. සම­හර ලස්සන දේවල් වලට කාලය යනවා. මේ චිත්‍ර­ප­ටිය නිකුත් කරන්න මේක තමයි නියම වෙලාව.

ඔබ ඔබ­වම පුළුල් තිරයේ දකිද්දී මොකද හිතුණේ?
පුළුල් තිරයේ දකිද්දී සතු­ටට පත් වුණා. චිත්‍ර­ප­ටය සෑදී­මට සම්බන්ධ වූ සිය­ල්ලන් විසින් කරන ලද විශාල දාය­ක­ත්වය කුම­ක්දැයි මට වැට­හුණා. මගේ චරි­තය පණ ගැන්වීම සඳහා බොහෝ අය වෙහෙස මහන්සි වී සිටියා. මට ඒක පුළුල් තිරයේ දකිද්දී හොඳින් දැනුන.

අම­තක නොවන අත්දැ­කීම් ඇති නේද?
අම­තක නොවන අත්දැ­කීම් බොහෝයි. ඒ වගේම සුන්ද­රයි. දව­සක් අපි ටික දෙනෙක් පාන්දර කූරු­ගල හිරු උදාව නර­ඹන්න කාටත් නොකියා රහ­සින් කූරු­ගල නැග්ග. නඟි­න­කොට පාන්දර තුනයි. අපි බැහැල ආවට පස්සේ අපි අව­ස­ර­ය­කින් තොරව ගිය නිසා අපි හය­දෙ­නාට කුරු­ගල වීරයෝ කියල විහිළු කළා.

අශාන් සහ ජග­ත්ගෙන් ලැබුණු සහ­යෝ­ගය කොහො­මද?
අශාන් ඩයස් සග ජගත් මනු­වර්ණ කියන නළු­වන් දෙදෙ­නාම ජන­ප්‍රිය තරු. එවැනි වෘත්ති­ක­යන් සමඟ වැඩ කරන්න ලැබුණ එකත් මට සතු­ටක්. ඔවුන් සමඟ වැඩ කිරීම පහ­සුයි. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

අම­තක කර­න්නම බැහැ. නිළි රැජන ඔබේ මවගේ චරි­තය රඟ දක්වන්නේ, ඒ ලැබුණු අව­ස්ථාව ගැන මතක් කළොත්…?
මාලිනි ෆොන්සේකා. ඇය සිංහල රිදී තිරයේ රැජ­නයි. ඇයගේ ලොකුම රසි­ක­යන් අතර මමත් එක්කෙනෙක්. චිත්‍ර­ප­ටයේ මගේ මවගේ චරි­තය රඟ­පාන බව මට පැවසූ විට මම අති­ශ­යින් සතු­ටට පත් වුණා. ඇය සමඟ වැඩ කිරී­මට අව­ස්ථාව ලැබීම ගෞර­ව­යක්. ඒ එක්කම අද අප අතර ඉතා විශේෂ පුද්ග­ල­යන් දෙදෙ­නෙක් නැහැ. එක්කෙනෙක් සමන් වීර­මන් මහතා. මේ ඔහුගේ කතාව. මේ පිටු­පස සිටින නිර්මා­ණ­ශීලී පුද්ග­ලයා ඔහුයි. සිංහල සින­මාවේ රැජන මාලිනී ෆොන්සේකා. අපට ඔවුන් නැතුව පාලුයි. ඔවුන්ගේ ආත්ම­යන් මෙහි සිටින බව මම විශ්වාස කර­නවා.

අපි චත්‍ර ගැනත් කතා කර­න්නම ඕනේ, කොහො­මද ඔහුගේ අධ්‍ය­ක්ෂ­ණය ඔබට දැනුණේ?
ඔහු තාරු­ණ්‍යයේ ඉන්න දක්ෂ අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක්. ඔහු අලුත් දේවල් කරන්න උත්සාහ කර­නවා. වෙ‍ෙළඳ ප්‍රචා­රණ ක්ෂේත්‍රයේ පුද්ග­ල­යෙකු ලෙස මම දේශීය චිත්‍ර­පට අධ්‍ය­ක්ෂ­ව­රුන් සමඟ වැඩ කර­නවා. ඔහුට යම් ප්‍රමි­ති­යක් සකස් කිරීමේ හැකි­යාව තියෙ­නවා. මම හොඳින් රඟ­පෑවා නම් අධ්‍ය­ක්ෂ­ව­රයා ඔහුගේ කාර්යය හොඳින් කරලා තියෙ­නවා.

ඔබ වෘත්ති­යෙන් දැන්වී­ම්ක­රණ ක්ෂේත්‍රයේ ඉන්නේ…ඉදි­රි­යේදීත් සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන­වද?
මම රඟ­පාන්න කැමැ­තියි. මම තවත් චිත්‍ර­පට කරන්න කැම­තියි. මට ආරා­ධනා ලැබු­ණොත් මම රඟ­පා­නවා.

මේ වෙද්දී තව සිනමා නිර්මාණ වලට දායක වෙලා තියෙ­න­වද ?
මම ශ්‍යාම් ප්‍රනාන්දු එක්ක නාලක විජේ­ව­ර්ධ­නගේ ‘Within the Sound of Silence’ කෙටි චිත්‍ර­ප­ටයේ රඟ­පෑවා. ඒක තාම නිකුත් වෙලා නැහැ.

ආයු ඔක්තෝ­බර් 2 වැනිදා සිට සිනමා රසි­ක­යන්ට බාරයි. ඔබ සිනමා රසි­ක­යන්ට ආයු ගැන කියන්නේ මොන­වද?
ආයු ඔබේ හද­වත සහ ආත්මය ස්පර්ශ කරනු ඇත. එයට ඉඩ දෙන්න.

World News

Send your contact Details Today