2025 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගිවන මූලික වටයේ දෙවැනි තරගය වත්මන් එක්දින ලෝක ශූරියන් වන ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමඟ අද පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙවර ලෝක කුසලානයේ, ශ්‍රී ලංකාවේදී මුහුණ දෙන පළමු තරගයද මෙයයි.
අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 3:00ට (යුරෝපා වේලාවෙන් උදෑසන 11:30ට) ආරම්භ වීමට නියමිතයි.