Latest News

එංගලන්තයේ දේවස්ථානයක පිහි ඇණුමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේ යුදෙව් දේවස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් 3 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

පුද්ගලයෙකු දේවස්ථානය වෙත අධික වේගයෙන් මෝටර් රථයක් ධාවනය කර එම පරිශ්‍රයේ සිටි පුද්ගලයින් ඊට යට කිරීමට උත්සහ කර ඇති අතර පසුව ඔහු ඉන් ඉවතට පැමිණ මෙම පිහි ඇනුම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධියෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් සැකකරු වෙඩි තබා ඝතනය කෙරුණා.

මෙම සිදුවීමත් සමග විශේෂ සමුළුවක් සඳහා පිටත්ව ගොස් සිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් යළි බ්‍රිතාන්‍ය බලා පැමිණීමටයි තීරණය කළේ.

World News

Send your contact Details Today