Latest News

බලුකිස්තානයේ කාර් බෝම්බ පිපිරීමක් – 10 දෙනෙකු ජිවිතක්ෂයට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පකිස්තානයේ බලුකිස්තාන පළාතේ පැරාමිලිටරි බලකායක මූලස්ථානයෙන් පිටත කාර් බෝම්බයක් පුපුරා යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

26 දෙනෙකුට තුවාල සිදු වූ මෙම පිපිරීම, නිරිතදිග පළාතේ අගනුවර වන ක්වෙටා සලිත කළ බව මාධ්‍ය වාර්තා කළා.

පිපිරීමත් සමග දැවැන්ත දුමාරයක් අහසට නැගෙන අයුරු CCTV දර්ශනවල දැක්වුණා.

සිවිල් වැසියන් අට දෙනෙකු සහ පැරාමිලිටරි නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය පිරිසට අයත්.

පිපිරීමෙන් පසු ආරක්ෂක හමුදා සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී සටන්කාමීන් සිව් දෙනෙකු ද මිය ගොස් ඇතැයි සඳහන්.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාර ගෙන නැහැ.

World News

Send your contact Details Today