Latest News

ගාසා තීරය බලා යාත්‍රා කරමින් තිබු නෞකාවක් ඊශ්‍රායල ආරක්ෂක අංශ නවත්වයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරය බලා යාත්‍රා කරමින් තිබු නෞකාවක් නතර කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

ග්ලෝබල් සුමුද් ෆ්ලොටිලා නෞකාවයි මෙසේ නතර කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර ඇත්තේ.

එහි සිටි කාර්ය මණ්ඩලය ද අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා තීරයේ අවතැන් ජනතාවට ආධාර රැගෙන යමින් සිටියදීයි අදාළ නෞකාව මෙලෙස ආරක්ෂක අංශ අවහිර කර ඇත්තේ.

ජාත්‍යන්තර නීතියට අනුව හමුදාව කටයුතු කළ යුතු බවයි සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today