අමෙරිකානු ඩොලර් බිලියන 500 ක වත්කම් සතු ලොව පළමු පුද්ගලයා බවට පත්වීමට එලොන් මස්ක් සමත් වී තිබෙනවා.
එක්සත් ජනපද කොටස් වෙළඳපොලේ ටෙස්ලාහි කොටස් 4% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාමත් සමඟ මස්ක් මෙම සන්ධිස්ථානයට පැමිණියා.
ඒ අනුව ඔහුගේ පුද්ගලික ධනය ඇමරිකානු ඩොලර් බිලියන 9.3 කින් ඉහළ ගොස් ඇති බවයි Forbes වාර්තා කර ඇත්තේ.
අප්‍රේල් මාසයේ සිට ටෙස්ලාහි කොටස් මිල දෙගුණයකට ආසන්න වී ඇති අතර ටෙස්ලා හි මස්ක් සතු 12% ක කොටස්වල වටිනාකම මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 191 ක් වනවා.
මස්ක්ගේ අනෙකුත් සමාගම්වල ක්‍රියාකාරිත්වය මගින් ද ඔහුගේ ඩොලර් ට්‍රිලියන භාගයක ධනය ශක්තිමත් කර තිබෙනවා.
SpaceX හි ඔහුගේ 42% ක කොටස් වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 168 ක් වන අතර, මස්ක් විසින් ආරම්භ කරන ලද AI සමාගම වන xAI Holdings හි ඔහුගේ කොටස් වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 60 ක්.
විශේෂඥයින් පවසන්නේ, ටෙස්ලාහි අනාගත මූල්‍ය සැලසුම් සාර්ථක වුවහොත්, 2033 වසර වන විට ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් කරා ළඟා විය හැකි බවයි.