Latest News

ආසියා කුසලානයේ ගැටළුව දුර දිග යයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊයේ (30) ඩුබායිහිදී පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සාමාජික රටවල් අතර රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් 2025 ආසියානු කුසලාන සිය කණ්ඩායමට ලබා දෙන ලෙස ACC වෙතින් දැඩි ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රැස්වීමේදී BCCI නියෝජිතයන් විසින් ACC සභාපති සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්විගෙන් කුසලානය සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා.

ඉන්දීය වාර්තා ඔහු ඒ පිළිබඳව නිශ්චිත ප්‍රතිචාරයක් දැක්වීමෙන් වැළකී සිට බව සඳහන්.

BCCI නියෝජිතයන් අවධාරණය කර ඇත්තේ මෙම කුසලානය ACC හි දේපළක් මිස පුද්ගලික වස්තුවක් නොවන බවයි.

කෙසේ වෙතත් මේ වන තෙක් කුසලානය ඉන්දියාවට භාර දීමට ආසියානු ක්‍රිකට් කවුන්සලේ වත්මන් සභාපති මොෂින් නක්වි එකඟ වී නොමැති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today