Latest News

ලෝක ළමා හා වැඩි­හිටි දිනය අදයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ළමා හා වැඩි­හිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

“ආද­රෙන් සුර­කින්න – අපිට ලොව දින­න්නට“ තේමාව යටතේ ලෝක ළමා දින­යත් “පර­පු­රක් තැනූ පර­පු­රක් රැක­ග­නිමු“ තේමා­වෙන් ලෝක වැඩි­හිටි දින­යත් අද දිනයේ සම­රනවා.

කාන්තා හා ළමා කට­යුතු ඇමැ­තිනි සරෝජා පෝල්රාජ්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් ශ්‍රී ලංකාවේ සැම­රුම් උත්ස­වය පැවැත්වෙනවා.

වැඩි­හිටි දින සැම­රුම් උත්ස­වය සහ ශ්‍රී ලංකාවේ වැඩි­හිටි තැනැ­ත්තන් සඳහා වූ ජාතික ප්‍රති­ප­ත්තිය එළි­දැ­ක්වීම අග්‍රා­මාත්‍ය හරිනි අම­ර­සූ­රියගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ ග්‍රාමීය සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ සහ ප්‍රජා සවි­බල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නි­ලගේ හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පිය­තිස්සගේ සහ­භාගී­ත්ව­යෙන් සුහු­රු­පා­යේදී පැවැත්වීමට නියමිතයි.

ළමා දිනය වෙනු­වෙන් පසු­ගිය 25 දා සිට ජාතික ළමා දින සති­යක් ක්‍රියා­ත්මක වූ අතර වැඩි­හිටි දිනය වෙනු­වෙන් අද (01) සිට 7 දා දක්වා සැම­රුම් සති­යක් ක්‍රියා­ත්ම­කයි.

World News

Send your contact Details Today