මෙම ඔක්තෝම්බර් මාසයේදී ඉතාලියේ සංචාරය කරන සහ ගමන් කරන පුද්ගලයින්ට ගුවන් ගමන්, දුම්රිය සහ දේශීය පොදු ප්‍රවාහන සේවාවන්ට බලපාන වැඩ වර්ජන මාලාවක් හේතුවෙන් බාධා ඇති විය හැකි බවට දැනුම්දෙනවා
ඒ අනුව 2025 ඔක්තෝබර් මාසයේදී ඉතාලියේ අවධානයෙන් සිටිය යුතු ප්‍රධාන ප්‍රවාහන වැඩ වර්ජන පිළිබඳව තොරතුරු පහත පරිදි වනවා…
ඔක්තෝබර් 3: මහා වැඩ වර්ජනය
ඔක්තෝබර් 2 වන බ්‍රහස්පතින්දා 21.00 සිට ඔක්තෝබර් 3 වන සිකුරාදා එම වේලාව දක්වා ට්‍රෙනිටාලියා, ඉතාලෝ සහ ට්‍රෙනෝර්ඩ් විසින් ක්‍රියාත්මක කරන දුම්රිය සේවාවන්ට පැය 24 ක ජාතික මහා වැඩ වර්ජනයක් බලපානු ඇති.
ඉතාලියේ ජාතික රජයට අයත් දුම්රිය සමාගමක් වන ෆෙරෝවි ඩෙලෝ ස්ටාටෝ (FS) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වැඩ වර්ජනය වැඩවර්ජන වේලාවන්ට “පෙර සහ පසු” කාලසටහන් වෙනස්කම් වලට තුඩු දිය හැකි බවයි.
කෙසේවෙතත් සතියේ දිනවල පෙරවරු 06.00 සිට 09.00 දක්වා සහ 18.00 සිට 21.00 දක්වා වැඩ වර්ජන අතරතුර ඉතාලියේ කලාපීය දුම්රිය සේවා ක්‍රියාත්මකයි.
“පලස්තීන ප්‍රතිරෝධයට සහාය දක්වමින්” සහ ගාසා තීරයේ “ජන සංහාරය අවසන් කරන ලෙස” ඉල්ලා S.I. කෝබාස් වෘත්තීය සමිතිය විසින් මෙම වැඩ වර්ජනය කැඳවා තිබෙනවා.
ඔක්තෝබර් 10: රෝමයේ දේශීය පොදු ප්‍රවාහන වැඩ වර්ජනය
ඔක්තෝබර් 10 වන සිකුරාදා පැය 24 ක වැඩ වර්ජනයක් හේතුවෙන් රෝමයේ මගීන්ට සහ සංචාරකයින්ට දේශීය පොදු ප්‍රවාහන සේවාවන්ට බාධා අපේක්ෂා කළ හැකියි.
USB Lavoro Privato සහ ORSA Tpl විසින් කැඳවන ලද කාර්මික ක්‍රියාමාර්ගය, නාගරික ප්‍රවාහන සැපයුම්කරු ATAC විසින් මෙහෙයවනු ලබන ඉතාලි අගනුවර බස්, උමං මාර්ග සහ ට්‍රෑම් රථ සේවාවන්ට බලපානු ඇති.
ඔක්තෝබර් 13: රෝමයේ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල වැඩ වර්ජනය
ඔක්තෝබර් 13 සඳුදා රෝමය හරහා ගමන් කරන ගුවන් මගීන්ට අගනුවර Fiumicino සහ Ciampino ගුවන් තොටුපළ කළමනාකරණය කරන Aeroporti di Roma (AdR) සේවකයින්ගේ පැය හතරක වැඩ වර්ජනය හේතුවෙන් බාධා ඇති විය හැකියි.
FAST / CONFSAL වෘත්තීය සමිති විසින් කැඳවන ලද මෙම වැඩ වර්ජනයේදී AdR කාර්ය මණ්ඩලය දහවල් සිට 16.00 දක්වා වැඩ වර්ජනයක නිරත වනු ඇති.
ඔක්තෝබර් 29: මිලාන් ලිනේට්, ෆ්ලෝරන්ස් සහ පීසා හි ගුවන්තොටුපළ වැඩවර්ජන
බොහෝ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන ලද වැඩවර්ජනයක දී ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලයේ පැය 24 ක වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඔක්තෝබර් 29 බදාදා මිලාන් ලිනේට්, ෆ්ලෝරන්ස් සහ පීසා ගුවන්තොටුපළ හරහා ගමන් කරන මගීන්ට බාධා ඇති විය හැකියි.
ඉතාලියේ පොදු ප්‍රවාහන වර්ජන පිළිබඳ අපගේ පුවත් අපි නිතිපතා යාවත්කාලීන නිල තොරතුරු සඳහා ප්‍රවාහන අමාත්‍යාංශ වෙබ් අඩවිය බලන්න.