Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමාව ඉල්ලයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටාර් රාජ්‍යයෙන් සමාව ඉල්ලා සිට තිබෙනවා.

ඒ, ධවල මන්දිරයේ දී අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවුණු අවස්ථාවේදීයි.

ධවල මන්දිරයේ සිට නෙතන්යාහු කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීම සිදුවුණා.

එහිදී හමාස් නායකයන් ඉලක්ක කර ගනිමින් මීට දින කීපයකට පෙර ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් නෙතන්යාහු විසින් ට්‍රම්ප් ඉදිරියේදී සමාව ඉල්ලීමක් කළා.

අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ අණ පරිදි, ඊශ්‍රායල හමුදා දෝහා නුවර හමාස් නායකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන්, කටාර් හමුදා නිලධාරියකු ද ජීවිතක්ෂයට පත්වුණා.

එය හිතාමතා කළ දෙයක් නොවන බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් කාටාර් අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කළේ.

තම අභිමතය පරිදි, කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වය උල්ලංගන කිරීම සම්බන්ධයෙන් ද තමන් සමාව ගන්නා බවත්, ඒ ගැන කණගාටු වන බවත් කටාර් එමීර්වරයා හමුවේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

World News

Send your contact Details Today