Latest News

ශ්‍රී ලංකාවේ වයස්ගතම පුරුෂයා ගැන තොරතුරු නිල වශයෙන් තහවුරු කරයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ වයස්ගතම පුරුෂයා ලෙස ගාල්ල, කරන්දෙණිය, අගුළුගල්ල ප්‍රදේශයේ පදිංචි බොළඳ හකුරු මේනියල් මහතා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

1915 වසරේ ජුනි මස හතර වන දින උපත ලබා ඇති ඒ මහතා, මේ වන විට 110 වන වියෙහි පසුවන අතර, ඔහුගේ මෙම සුවිශේෂී තත්ත්වය ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි මහතා විසින් ද සනාථ කරනු ලැබ තිබෙනවා.

පස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති මේනියල් මහතාට ලිවීමේ හා කියවීමේ හැකියාව පවතිනවා.

දරුවන් නව දෙනෙකුගේ ආදරණීය පියෙකු වන ඒ මහතාගේ දිගුකාලීන නිරෝගී දිවි පැවැත්මට හේතු වී ඇත්තේ වස විසෙන් තොර සරල ආහාර රටාව සහ ක්‍රියාශීලී ජීවන රටාව බවයි පවුලේ සාමාජිකයෝ පවසන්නේ.

කුඩා කල සිටම කෘෂිකාර්මික කටයුතුවල නිරත වූ ඔහු, ගොවිතැන හා කුරුඳු වගාව සිය ජීවිකාව කර ගනිමින් කැත්ත හා උදැල්ල සමීපතම මිතුරන් කරගෙන තිබෙනවා.

අවුරුදු අනූ පහක් වන තුරුම ගමේ පිරිත් සජ්ඣායනාවන්ට සහභාගී වෙමින් ආගමික මෙන්ම සමාජීය කටයුතුවල ද නිරත වූ මේනියල් මහතා, ගම්වැසියන් අතර බෙහෙවින් ගෞරවයට පාත්‍ර වූවෙක් වනවා.

වර්තමානයේද කිසිඳු බරපතළ රෝගාබාධයකින් තොරව යහපත් මතක ශක්තියකින් යුතුව ඔහු දිවි ගෙවනවා.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් පිරිනමන සියවස් දීමනාවේ හිමිකරුවෙකු ද වන මේනියල් මහතා, සිය ආදරණීය බිරිඳ මෙලොව හැර ගොස් ඇතත්, දරුවන්ගේ හා මුණුබුරන්ගේ සෙනෙහස හා රැකවරණය මැද සතුටින් කාලය ගත කරනවා.

පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ද ඒ මහතාගේ නිවසට පැමිණ සුවදුක් විමසා බැලීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today