Google සමාගම සිය උසස් AI වේදිකාව වන ජෙමිනි සහ අනෙකුත් සේවා ශ්‍රී ලාංකික සිසුන්ට නොමිලේ ලබා දීමට එකඟ වී ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳුදා (29) අනාවරණය කළා.
මෙම මුලපිරීම හරහා ශ්‍රී ලංකාව පුරා සිසුන්ට අති නවීන කෘතිම බුද්ධි මෙවලම්, cloud computing platforms, සහ ඩිජිටල් ඉගෙනුම් සම්පත් වෙත නොමිලේ ප්‍රවේශය ලබා දෙනු ඇති.
මෙම පියවර මඟින් AI සංවර්ධනය සහ ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතර, ඊළඟ පරම්පරාවට නවෝත්පාදනය කිරීමට, සංකීර්ණ අභියෝග විසඳීමට සහ ගෝලීය වශයෙන් තරග කිරීමට බලගන්වනවා.
කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍යවරයා සදාචාරාත්මක භාවිතයේ වැදගත්කම අවධාරණය කළ අතර, මෙම බලගතු මෙවලම් වගකීමෙන් සහ සමාජයේ යහපත සඳහා භාවිතා කරන ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටියා.