Latest News

අමෙරිකාවේ පල්ලියකට නාඳුනන තුවක්කුකරුවෙකුගෙන් ප්‍රහාරයක් – 04ක් ජිවිතක්ෂයට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ, මිචිගන් හි පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

නාඳුනන තුවක්කුකරුවෙකු මිචිගන් හි පල්ලියකට වාහනයක් පදවා ගෙන පැමිණ වෙඩි තබා එම ගොඩනැගිල්ලට ද ගිනි තැබීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධියෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඩෙට්‍රොයිට් සිට කිලෝමීටර් 100 ක් වයඹ දෙසින් දුරින් පිහිටි නගරයක් වන ග්‍රෑන්ඩ් බ්ලැන්ක් හි දේවස්ථානයට මෙලෙස ප්‍රහාර එල්ල වී තිබෙනවා.

සැකකරු මිචිගන්හි බර්ටන් හි පදිංචි 40 හැවිරිදි තෝමස් ජේකබ් සැන්ෆර්ඩ් ලෙස හඳුනාගෙන ඇති අතර පල්ලියේ රථගාලේදී පොලිසිය ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණා.

බලධාරීන් මෙම සිද්ධිය සැලසුම් කළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබෙනවා.

World News

Send your contact Details Today